කටකතා මැද පතිරණගේ පැහැදිළි කිරීමක්

Report

පසුගියදා පැවති ICC Men's T20 World Cup තරගාවලියේදී පාදයේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා මතීෂ පතිරණ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතී.

එම කටකතා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ සටහනක් පළ කර තිබේ. එහිදී ඔහු සඳහන් කරන්නේ, තමන් මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර Sri Lanka Cricket සමඟ එක්ව පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

''Hello everyone!! Just to clarify, I'm still in Sri Lanka continuing my rehab with SLC. I haven't gone to India yet, so please stay calm!"

එමෙන්ම තමන් මේ වන තෙක් ඉන්දියාවට ගොස් නොමැති බවත්, ඒ පිළිබඳව අනවශ්‍ය කලබල වීමට අවශ්‍ය නොවන බවත් මතීෂ පතිරණ වැඩිදුරටත් සිය සටහනෙන් අවධාරණය කර ඇත. 

ජනතාවට අවම පීඩනයක් ඇති වන ලෙස කටයුතු කරනවා ඇමැති නලින්දත් මිල ඉහළයාම් ගැන කට අරියි

ජනතාවට අවම පීඩනයක් ඇති වන ලෙස කටයුතු කරනවා ඇමැති නලින්දත් මිල ඉහළයාම් ගැන කට අරියි

ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි