සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම අද සිට
අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ලබන 28වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බවය.
මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.