මේ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ හා යතුරු පැදි හා ලබාදීමේ සූදානමක්

By Ashfa May 19, 2026 01:01 PM GMT
Report

වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් සහ ට්‍රැක්ටර් 09ක් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස 2026-05-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

යාපනය මඩකලපුව විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාවම තමිල්නාඩුවට ලබා දෙන්න - මන්ත්‍රී රාමනාදන් අර්චුනාගෙන් දැඩි ප්‍රකාශයක්

යාපනය මඩකලපුව විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාවම තමිල්නාඩුවට ලබා දෙන්න - මන්ත්‍රී රාමනාදන් අර්චුනාගෙන් දැඩි ප්‍රකාශයක්

එම ප්‍රසම්පාදනයේ කොටසක් වශයෙන් යතුරු පැදි 181ක් මිල දී ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇති අතර එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන David Pieris Motor Company වෙත රුපියල් මිලියන 91.26 මුදලකට (බදු රහිත) අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.