යුද්ධ වාතාවරණ සමයේ රට අතහැර ගිය අයට ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසී මත ලංකාවට එන්න චාන්ස් එකක්

Report

යුද්ධ වාතාවරණ සමයේ අනුමත තොටුපොළකින් හෝ විධිමත් ගමන් බලපත්‍රයකින් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ සරණාගතභාවය ලැබූ, ශ්‍රී ලාංකික භාවය තහවුරු කරන ලද තැනැත්තන් ස්වේච්ඡාවෙන් නැවත මෙරටට පැමිණීමේදී ආගමන නිශ්කාශන පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

යුද සමයේ පැවැති අස්ථාවර තත්ත්වය හමුවේ ඉන්දියාවට සංක්‍රමණය වී, එරට රජයේ සරණාගතයින් ලෙස ලියාපදිංචි වූ පිරිස් එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලය හරහා ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවෙති.

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් රත්මලානේ සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් රත්මලානේ සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඔවුන්ට අවශ්‍ය ආගමන නිශ්කාශන පහසුකම් සලසාදීම සඳහා නීතිපති උපදෙස් ලබාගෙන ඇති අතර, එම උපදෙස් පදනම් කරගනිමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, 2006 අගෝස්තු 01 දිනට පෙර විධිමත් ගමන් බලපත්‍රයකින් තොරව ඉන්දියාවට ගොස් අවතැන්ව සිටින, එරට ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල මඟින් ශ්‍රී ලාංකිකයෙකු බවට අනන්‍යතාව තහවුරු කරගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

ඔවුන් මිනීමැරුම්, රාජ්‍ය ද්‍රෝහීත්වය සහ නීතියෙන් විශේෂ විධිවිධාන සලසා ඇති බරපතළ වැරදි සිදුනොකළ අය බව තහවුරු කරගැනීමෙන් පසුව, තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත යටතේ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව අනුමත තොටුපොළකින් මෙරටට ඇතුළු වීමට අවස්ථාව ලබාදෙනු ඇත.

එමෙන්ම, 2006 අගෝස්තු 01 සිට මෙරට යුද්ධය අවසන් වූ 2009 මැයි 19 දක්වා කාලය තුළ මෙලෙස අවිධිමත්ව සංක්‍රමණය වූ, අනන්‍යතාව සහ රාජ්‍ය බුද්ධි සේවා නිශ්කාශනය ලැබූ ශ්‍රී ලාංකිකයන් සඳහා ද ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ආගාමික හා විගාමික පනත යටතේ නීතිමය පියවර ගැනීමෙන් තොරව මෙරටට ඇතුළු වීමට අවස්ථාව සැලසෙයි.

වාහන සිහිනය සැබෑ වෙන ලකුණු - ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක්

වාහන සිහිනය සැබෑ වෙන ලකුණු - ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක්

කෙසේ වෙතත්, මිනීමැරුම්, රාජ්‍ය ද්‍රෝහීත්වය හෝ වෙනත් බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ හෝ වරදකරුවන් වූ යම් පුද්ගලයෙකු සිටී නම්, ඔවුන් තොටුපොළේදී රඳවාගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ ආරක්ෂක හා නීතිමය ආයතන වෙත යොමු කිරීමට පියවර ගැනෙනු ඇත.