මැලේසියාවේදී අත්අඩංගුවට ගත් රත්මලානේ සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Report

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "කංජිපානි ඉම්රාන්ගේ" සමීපතමයෙකු බව කියන "රත්මලානේ සයිමා" නමැත්තා පැය 48 ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබේ.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා "රත්මලානේ සයිමා" නමැත්තා ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, ජාත්‍යන්තර පොලීසියේ සහ මැලේසියානු පොලීසියේ සහාය ඇතිව රතු නිවේදන නිකුත් කර තිබූ මෙම ප්‍රධාන සංවිධානාත්මක අපරාධකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු සමඟ මැලේසියාවේ සිටි රත්මලාන ප්‍රදේශයේම පදිංචිකරුවන් වන තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් තිදෙනාම ඊයේ පස්වරුවේ මෙරටට රැගෙන එනු ලැබීය.

ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු 2014 වසරේදී පේරාදෙණිය පොලිස් වසමේදී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් බරපතළ තුවාල සිදුකිරීම සහ 2016 වසරේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම යන සිදුවීම් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක ප්‍රධාන චූදිතයෙකු බව පොලීසිය පවසයි.

රජයෙන් සුභ ආරංචියක් - සතොස හරහා සියලුම ජනතාවට සහල් ලබා දේ මෙන්න විස්තරේ

රජයෙන් සුභ ආරංචියක් - සතොස හරහා සියලුම ජනතාවට සහල් ලබා දේ මෙන්න විස්තරේ

මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.