ලංකා බැංකුව අලුත් වෙන්නයි යන්නේ - බැංකුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක් - මෙන්න විස්තරේ

Report

ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් (Core Banking System) ස්ථාපිත කිරීම සඳහා වන ප්‍රසම්පාදන වලට අද දින කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ලංකා බැංකුවේ දැනට පවතින ප්‍රධාන බැංකු පද්ධතිය වන International Comprehensive Banking System, විදේශයන්හි පිහිටි එම බැංකුවේ ශාඛාවන් ද ඇතුළුව සිල්ලර (Retail) සහ ආයතනික (Corporate) ව්‍යාපාර සඳහා වසර 22ක් පුරා භාවිත කරමින් පවතී.

පාසල් සිසුන්, පිරිවෙන් සිසුන් හා සීලමාතාවන් සඳහා රජයෙන් පාවහන් - රු.3000 වටිනා වවුචර් රජයෙන් දෙන දිනය මෙන්න

පාසල් සිසුන්, පිරිවෙන් සිසුන් හා සීලමාතාවන් සඳහා රජයෙන් පාවහන් - රු.3000 වටිනා වවුචර් රජයෙන් දෙන දිනය මෙන්න

එම පද්ධතියේ පවතින බොහෝ විශේෂාංග සහ ක්‍රියාකාරිත්වයන් මෙන්ම ඊට පදනම් වූ තාක්ෂණය ද වර්තමාන බැංකු කටයුතුවල ඉල්ලීම් සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත.

එබැවින්, එකී බැංකු පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කිරීම වෙනුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් වී ඇති නිර්දේශ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ.

ආයෙත් ලංකාවම ලොක්ඩවුන්ද? රජයේ විශ්වවිද්‍යාලයක් වසා දමයි - වෛරස් රෝගයේ අවදානම ඉහළට

ආයෙත් ලංකාවම ලොක්ඩවුන්ද? රජයේ විශ්වවිද්‍යාලයක් වසා දමයි - වෛරස් රෝගයේ අවදානම ඉහළට

ඒ අනුව, ලංකා බැංකුවේ අරමුදල් යොදා ගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ වසර 05ක කාලයක් සඳහා එම බැංකුව තුළ නව ප්‍රධාන බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු සේවා සපයන්නෙකු තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.