පාසල් සිසුන්, පිරිවෙන් සිසුන් හා සීලමාතාවන් සඳහා රජයෙන් පාවහන් - රු.3000 වටිනා වවුචර් රජයෙන් දෙන දිනය මෙන්න
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාව හරහා 2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහනට අදාළ කැබිනට් අනුමැතිය පිළිබඳව දැනුවත් කර ඇත.
ඒ අනුව තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි/පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ 2026 වර්ෂයේ වැඩසටහන ක්‍රමවේදයන් දෙකක් යටතේ මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කරන ලදී.
2027 වර්ෂය සඳහා වන පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩ සටහන 2026 තෙවන පාසල් වාරය අවසානය වන විට නිම කිරීම සඳහා සැලසුම් කරනු ලැබ ඇත.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයේ ප්‍රගතිය මත පදනම්ව බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත් වලට අදාළව දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් පාසලටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීම සඳහාත්, මධ්‍යම, උතුර, උතුරුමැද හා ඌව යන පළාත්වලට අදාළව වෙළෙඳ පොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහාත්, තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් සහ සීල මාතාවන් සඳහා එක් අයෙකුට රුපියල් 3,000/-ක වටිනාකමින් යුත් තිළිණපතක් බැගින් ලබා දෙමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.