විභාග දෙපාර්තමේන්තුවට ඩිජිටල් පෙරළියක් - නව පුළුල් පරිගණක ජාලයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලු ශාඛා ආවරණය වන පරිදි නව පුළුල් පරිගණක ජාලයක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙරට වසරකට විභාග 300කට වැඩි සංඛ්‍යාවක් පවත්වන විභාග දෙපාර්තමේන්තුවේ දත්ත කළමනාකරණය හා මෙහෙයුම් කටයුතු සඳහා පරිගණක තොරතුරු පද්ධතියක් භාවිත කෙරුණද, ශාඛා අතර ජාල සම්බන්ධතාව සීමිත වීම හේතුවෙන් බොහෝ ක්‍රියාවලීන් තවදුරටත් භෞතිකව සිදු කිරීමට සිදුව ඇති බව සඳහන් වේ.

ඊළඟ අවුරුද්දේ ඉඳන් රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමයින්ව ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

ඊළඟ අවුරුද්දේ ඉඳන් රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමයින්ව ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

මෙම තත්ත්වය කාර්යක්ෂමතාව අඩුවීම, ප්‍රමාදයන් ඇතිවීම සහ මානව හා භෞතික සම්පත් නාස්තිය වැනි ගැටලු වලට හේතුවී ඇති බවද නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව, රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, නව ජාලය සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.  

දුම්රියට බිලිවන වන අලින් බේරාගැනීමේ මෙහෙයුම ඇරඹේ - ආරක්ෂක පස් බැමි ඉදි කෙරේ

දුම්රියට බිලිවන වන අලින් බේරාගැනීමේ මෙහෙයුම ඇරඹේ - ආරක්ෂක පස් බැමි ඉදි කෙරේ