මේ වගාකරුවන්ට රජයෙන් විශේෂ සහනාධාරයක් - ගෙවන ගාණ වෙන වෙනම මෙන්න

Report

මෙරට පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් අඛණ්ඩව ලබා දීම සහ ඉදිරි මාසවල ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති 'එල්නිනෝ'කාලගුණික තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කරගැනීම අරමුණු කරගනිමින් විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීම සහ තිරසාර වගා ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමේ ක්ෂණික අවශ්‍යතාව හඳුනාගනිමින්, සුළු පරිමාණ පොල් ඉඩම් හිමියන් දිරිගැන්වීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

මෙම විශේෂ වැඩසටහන යටතේ 2026 වසර තුළදී පමණක් අක්කර 85,000 ක පමණ පොල් ඉඩම් ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිත අතර, ඉදිරියට අඛණ්ඩව වසර 03 ක කාලයක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

ඒ අනුව, අක්කර 05 ක් හෝ ඊට අඩු පොල් ඉඩම් හිමි සුළු පරිමාණ පොල් වගාකරුවන් වෙනුවෙන් වගා පුනරුත්ථාපන කාර්යයන් සඳහා වැය වන මුදලින් 65% ක උපරිමයකට යටත්ව දිරිගැන්වීම් මුදල් ලබාදීමට නියමිතය.

රජයෙන් සුභ ආරංචියක් - සතොස හරහා සියලුම ජනතාවට සහල් ලබා දේ මෙන්න විස්තරේ

රජයෙන් සුභ ආරංචියක් - සතොස හරහා සියලුම ජනතාවට සහල් ලබා දේ මෙන්න විස්තරේ

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවී තිබේ.

Gallery