පොලිසියෙන් රටම වටලයි - විශේෂ මෙහෙයුමකින් අපරාධකරුවන් පොලිස් දැලේ

Report

පොලිසිය පවසන්නේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 587ක් අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ (10) දිනයේ පුද්ගලයින් 27,773ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන්ගෙන් අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 13ක් හඳුනාගත් අතර විවෘත වරෙන්තුකරුවන් 138ක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.\

රාජ්‍ය සේවයට 72,000ක් බඳවා ගැනීමට සූදානම් - පත්වීම් උසස්වීම් හා වැටුප් වැඩිකිරීම් නිසිලෙස

රාජ්‍ය සේවයට 72,000ක් බඳවා ගැනීමට සූදානම් - පත්වීම් උසස්වීම් හා වැටුප් වැඩිකිරීම් නිසිලෙස

එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 65ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 114ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර පොලීසිය සඳහන් කළේ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,521කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.