මේ දිස්ත්‍රික්කවල සිටින ගැබිණි හා කිරිදෙන මව්වරුන් සහ කුඩා දරුවන්ට රජයෙන් සුබ ආරංචියක්
කොවිඩ්-19 වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් පෝෂණ මට්ටම පහත වැටී ඇති දිස්ත්‍රික්ක 04 ක මාතෘ හා මුල් ළමාවිය පෝෂණ සේවා ඉහළ නැංවීම සඳහා වසර 03 ක විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලෝක බැංකු සමූහයට අයත් ජපන් සමාජ සංවර්ධන අරමුදල මඟින් ලබා දෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.73 ක පූර්ණ ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නුවරඑළිය, රත්නපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි වෙසෙන, අවදානමට ලක්ව සිටින ගැබිණි හා කිරිදෙන මව්වරුන් මෙන්ම වයස අවුරුදු 05 ට අඩු කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් මෙම පෝෂණ මැදිහත්වීමේ හා සුබසාධන වැඩසටහන් දියත් කෙරේ.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාව සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.