ලෝකයම කලඹමින් ට්‍රම්ප් රහසිගතව රටින් පලා යයි - ඉරානෙන් ට්‍රම්ගේ ජීවිතයට අනතුරක්
එල්ල වූ බව කියන බරපතළ ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේදී තුර්කියේ සිට බ්‍රිතාන්‍යය දක්වා රහසිගත හමුදා ගුවන් යානයකින් ගමන් කර ඇති බව ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන වොෂින්ටන් පෝස්ට් වාර්තා කරයි.
තුර්කියේ පැවැති නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා සාමාන්‍ය පරිදි නිල එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවන ආකාරය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කර තිබුණි.
කෙසේවෙතත්, ඉන් අනතුරුව ගුවන් තොටුපළේ ආහාර සැපයුම් රථයක් භාවිත කරමින්, මාධ්‍යයට නොපෙනෙන සේ ජනාධිපතිවරයා රහසිගතව ඇමරිකානු ගුවන් හමුදාවට අයත් වෙනත් කුඩා හමුදාමය ගුවන් යානයකට මාරු කර යැවීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.