දුම්රියට බිලිවන වන අලින් බේරාගැනීමේ මෙහෙයුම ඇරඹේ - ආරක්ෂක පස් බැමි ඉදි කෙරේ
By Malith Madushan
වන අලි දුම්රිය මාර්ගවල ගැටීමෙන් සිදුවන අනතුරු වැළැක්වීම සහ අලින්ට ආරක්ෂිතව දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට හැකිවන පරිදි ආරක්ෂිත පස් බැමි ඉදිකිරීම ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දුම්රිය මාර්ග හරහා ගමන් කරන වන අලින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, එම අවදානම් අනතුරු අවම කිරීමත්ය. ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සැරිසරන වන අලින් වෙනුවෙන් මෙම පස් බැමි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරිගේ ප්‍රධානත්වයෙන්ය.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූලික කටයුතු සිදු කරමින් සිටී. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 23ක මුදලක් වැය කිරීමට නියමිතය.