ප්‍රධානතම බැංකුවකින් 02% ක පොලිය යටතේ ණය ගන්න අනුමැතිය ලැබෙයි..

Report

ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කරගත් ණය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ පළමු උප වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200ක් සියයට 02ක වාර්ෂික පොලී අනුපාතය යටතේ වසර 05 ක සහන කාලයක්ද ඇතුලත් වසර 25ක නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබාගැනීමටයි.

එම ණය පහසුකම් ලබාගැනීම සඳහා මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇත.

ඉහළ තැනකින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙසක්..

ඉහළ තැනකින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙසක්..