බුත්තල පාසලක් කැළඹෙයි - පාසල් සිසුවෙකු හදිසියෙම ජීවිතක්ෂයට
බුත්තල ප්‍රදේශයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ තරගයක පුහුණුවීම් කටයුතු අතරතුර දී බිම ඇඳ වැටී සිසුවෙකු මිය ගොස් ඇත.
ඒ අනුව එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙකු බවයි පොලිසිය පවසයි.
එසේම ඔහු තවත් ළමුන් පිරිසක් සමඟ බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ කටුගහකොළණිය වැව අසල සිට බුත්තල දෙසට දුවමින් සිටියදී මෙසේ එකවරම ඇද වැටී ඇති බව වාර්තා වේ.
අනතුරුව පසුව සිසුවා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.