මරණ තර්ජනවලට බයේ ව්‍යාපාරිකයෙක් පද්මෙ එක්ක කරපු ගණුදෙනුවක් එළි වෙයි - බඩුත් එක්කම අත්අඩංගුවට

Report

කෙහෙල්බද්දර පද්මේගෙන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මිලදී ගත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් එම ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ ගිනි අවිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි එම ව්‍යාපාරිකයාගේ නිවස පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදි ජීව උණ්ඩ 13ක් සහිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබුණා.

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

කෙසේ වෙතත් පොලිසිය ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපාරිකයාට හීනටියන මහේෂ්ගෙන් මරණ තර්ජන තිබී ඇති බවත්, ඒ පිළිබඳව එම ව්‍යාපාරිකයා කෙහෙල්බද්දර පද්මේට කළ දැනුම් දීමෙන් පසුව පද්මේ විසින් මෙම ගිනි අවිය ලබා දී තිබෙන බවයි.

ඒ සඳහා රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් එම ව්‍යාපාරිකයා කෙහෙල්බද්දර පද්මේට ගෙවා ඇති බවට ද කරුණු හෙළිව ඇත.

ඒ අනුව එම ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගෙන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊට අමතරව වෙඩිතබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

පද්මේ එක්ක ජෝගී දාපු නිළියෝ පස් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

පද්මේ එක්ක ජෝගී දාපු නිළියෝ පස් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

ලැබුණු තොරතුරක් මත දමන හිගුරාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් එම සැකකරු හෙරොයින් සමග අත්අඩංගුට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

එසේම අඳාළ සැකකරු ඉකුත් ජුලි මස 11වනදා හිරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් බවද පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 39ක් වන හිඟුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැලිගම ඝාතන සැකකරුවන්ට සොබාදහමෙන්ම ලැබෙන්න ගිය දඬුවම - පණ බේර ගන්න දුවද්දි තවත් රහසක් එළි වෙයි

වැලිගම ඝාතන සැකකරුවන්ට සොබාදහමෙන්ම ලැබෙන්න ගිය දඬුවම - පණ බේර ගන්න දුවද්දි තවත් රහසක් එළි වෙයි