කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක්

Report

තංගල්ල, කුඩා වැල්ල ධීවර වරාය පරිශ්‍රය තුළදී අද (05) දහවල් කාලයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

බීමත්ව පැමිණි මාළු ව්‍යාපාරිකයෙකු විසින් සිය ගිනි අවියෙන් අහසට වෙඩි තැබීම් කිහිපයක් සිදු කර ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය තහවුරු කරයි.

කපිල චන්ද්‍රසේනට ඇප

කපිල චන්ද්‍රසේනට ඇප

පොලිස් පරීක්ෂණවලට අනුව, අදාළ ව්‍යාපාරිකයා සිව් වතාවක් පමණ අහසට වෙඩි තබා ඇති අතර, ඔහු සතුව තිබූ නීත්‍යනුකූල බලපත්‍ර සහිත ගිනි අවියක් මේ සඳහා භාවිතා කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ව්‍යාපාරිකයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල ස්ථාවරව පවතින අද ඩොලරයේ මිල ගණන්

රුපියල ස්ථාවරව පවතින අද ඩොලරයේ මිල ගණන්