122 මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.
By Wayomi
අද (08) උදෑසන සිට අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් ව තිබෙනවා.
ඒ, අනුව 122 මාර්ගයේ බස් රථ 60ක් මෙලෙස ධාවනයෙන් ඉවත් ව ඇති බවයි වාර්තා වන්නේ.
හෝමාගම ඩිපෝ අධිකාරිවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරද්දී කිසියම් පිරිසක් විසින් ගොඩගම ප්‍රදේශයේ දී පහර දීමක් සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් එම සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් මෙසේ බස් ධාවනයෙන් ඉවත් ව ඇති බවයි වාර්තා වන්නේ.