අති බිහිසුණු බස්-ත්‍රීරෝද රථ අනතුර...සංවේදී දර්ශන(VIDEO)

Police Sri Lanka Bandaragama Bus threeweel accident
By Aruna Oct 10, 2021 06:10 AM GMT
Aruna

Aruna

Report

බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල, නරිකන්ද පාමුල දී ලංගම බස්රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් තරුණයන් තිදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය පැවසීය.

ත්‍රීරෝද රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ගමන් කරමින් තිබිය දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සහ දැරීමේ දී කැස්බෑව දෙස සිට පැමිණි බස්රථයේ පිටුපස බඳ කොටසේ ගැටී එම අනතුර සිදුව තිබේ.

ත්‍රීරෝද රථයේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් රැස්ව සිටි පිරිස එක්ව සුවසැරිය ගිලන් රථයක් මඟින් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර, අනතුර සිදුවන අයුරු අසල CCTV කැමරාවක මෙලෙස සනිටුහන්ව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now