ජුනි 06 සිට රට පුරා කරන්න යන දේ මෙන්න..
Sri Lanka
Sri Lanka Bus Strike
Gemunu Wijeratne
By Aruna
සියලුම පෞද්ගලික බස්රථ ලබන සඳුදා (ජුනි 06) සිට ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඒ බස් රථ ධාවනයට අවශ්‍ය ඩීසල් නිසි පරිදි ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් බවයි ඔහු පවසන්නේ.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගන්නා බවත් ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.
බස් රථ ධාවනය සඳහා මේ සතිය තුළ ඩීසල් විධිමත්ව ලබාදීමට පියවර නොගතහොත් එලැඹෙන සඳුදා (ජුනි 06) සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |