බස් ගාස්තුවට කුමක් වෙයි ද?. ගත්ත අලුත්ම තීරණය මෙන්න..

Report

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

බස් ගාස්තුවට කුමක් වෙයි ද?. ගත්ත අලුත්ම තීරණය මෙන්න.. | Bus Fares In Sri Lanka

ඒ ඉන්ධන මිල අඩු වූව ද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.

ඔටෝ ඩීසල්වල මිල අඩු වීමක් සිදු නොවීම එයට හේතුව බව ඔහු පැවසීය.

වැඩිදුර අදහස් දැක්වූ ගැමුණු විජේරත්න,

“මේ දිනවල ඔටෝ ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයේ කිලෝමීටර ගණන ධාවනය වෙන්නේ නෑ.මේ සම්බන්ධයෙන් අප දිගින් දිගටම ඛනිජතෙල් නීතිගත සංස්ථාව දැන්වත් කළා.නමුත් ප්‍රමිතිය පිළිබඳව අපට සහතිකයක් දීලා නෑ. මාස දෙකක් පුරා තවමත් රුපියල් 27ක පාඩුවකට තමයි අපි බස් ධාවනය කරන්නේ” යනුවෙන් ය.