බසයේදී වයෝවෘද්ද අයෙකුගේ ලක්ෂ එකහමාරක් කොල්ල කා පැනගිය තරුණයෙක් ප්‍රදේශවාසීන් අල්ලාගෙන සිදු කළ දේ..

By Sithumi Mar 08, 2022 01:43 PM GMT
Sithumi

Sithumi

Report

මන්නාරමේ සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් කොල්ල කා පලා ගිය සැකකරුවෙකු ප්‍රදේශවාසී ජනතාව විසින් අල්ලා පොලීසියට භාර දුන් බවට මුරුංගන් පොලීසිය පැවසීය. 

මන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථය මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ පිහිටි මගී නැවතුම්පලක් අසලදී මගීන් නංවා ගැනීමට නවත්වන අවස්ථාවේදී බස් රථයේ ගමන්ගත් වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ අසුන ආසන්නයේ සිටි තරුණ සැකකරුවෙකු විසින් වයෝවෘද්ද පුද්ගලයා අතෙහි වූ පාර්සලය රැගෙන පලායන ලදි. 

එහිදී වයෝවෘද්ද පුද්ගලයා තම මුදල් සොරාගෙන පලායන බවට කෑගැසීම හේතුවෙන් බස් රථයේ සිටි පිරිස් සහ ප්‍රදේශවාසීන් විසින් සැකකරු පසුපස ලුහුබැඳ ගොස් අල්ලා ඒ පිළිබඳව මුරුංගන් පොලීසියට ැදනුම් දෙන ලදි.

අනතුරුව එම ස්තානයට පැමිණි පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතරම ඔහු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මුරුංගන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now