බස් රථයක් පෙරළී උඩු යටිකුරු වෙයි - 15ක් තුවාල ලබා රෝහල්ගත කරයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident
By krishani Jul 15, 2023 06:48 AM GMT
krishani

krishani

Report

අද(15) උදෑසන දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය.

ඒ කොළඹ - බදුල්ල බස් රථයක් ය.

මෙම අනතුර හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී තිබෙනවා.

එයින් 15 දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.