පොහොර වර්ගයක මිල අඩු කරයි - හෙට සිට ක්‍රියාත්මකයි.

Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Ministry of Agriculture
By krishani Jul 14, 2023 06:02 AM GMT
krishani

krishani

Report

හෙට (15) සිට, MOP හෙවත් බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් දහසකින් අඩු කරනු ලබයි.

ඒ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ ය.

මේ වනවිට රුපියල් 15000ක් වන MOP පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000කට මිලදී ගත ගත හැකි ය.

මේ අතර, යල කන්නය ආරම්භයේ දී රුපියල් 19,500 සිට රුපියල් 15,000 දක්වා ද මෙම පොහොර මිල රුපියල් 4500කින් අඩු කර තිබෙනවා.