ගොඩනැගිල්ලක් කඩා වැටී 100ක් අතුරුදන්(VIDEO) ...35ක් සුන්බුන් අතරින් හමුවේ.

World American Building break down
By Aruna Jun 25, 2021 08:56 AM GMT
Report

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නගරයේ පිහිටි මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටී තිබේ.

අනතුරින් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1980 වර්ෂයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල, නිවාස සංකීර්ණයක් ලෙස භාවිතා කර තිබුණි.

අනතුරෙන් එහි නිවාස ඒකක 130කට පමණ හානි සිදුවී ඇති අතර ඉන් නිවාස 80ක පමණ පුද්ගලයන් පදිංචි වී සිට ඇති බව සඳහන්ය.

අනතුරට පත් පිරිස සොයා ආරම්භ කළ මෙහෙයුමේදී මියගිය එක් පුද්ගලයෙකු හමුවී තිබේ.

තවත් පුද්ගලයන් 35 දෙනෙක් පමණ සුන්බුන් අතර සිරවී සිටියදී මුදාගෙන ඇත.

නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව සිටී.

ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

කෙසේ වෙතත් අනතුර සිදුවීමට දිනකට පෙර එහි පදිංචිව සිටි කාන්තාවක් ගොඩනැගිල්ල ඉරිතැලෙන ශබ්දයක් ඇසුණු බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරන ලෙස සිය පුත්‍රයාට පවසා තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now