බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරිය ධම්මපදයට අත තබයි.

By Wayomi Sep 08, 2022 10:19 AM GMT
Wayomi

Wayomi

Report

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට ඉන්දියානු සම්භවයක් ඇති සුඑල්ලා බ්‍රේවර්මන්, ට්‍රස් අගමැතිනිය විසින් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙසින් පත් කරනු ලැබුවා.

එහිදී සුඑල්ලා බ්‍රේවර්මන් දිවුරුම් දී ඇත්තේ බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයට අත තබා ය.

ඒ, ඇය බෞද්ධ කාන්තාවක වීම හේතුවෙන්.

අධිනීතිඥවරියක වන සුඑල්ලා 42 හැවිරිදි දෙ‍දරු මවක්.

සුඑල්ලාගේ මව උමාද, හින්දු ආගමික දමිළ ජාතික කාන්තාවක් වන අතර බෞද්ධ කාන්තාවක වූ සුඑල්ලා නිතරම ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට යන බව සඳහන්.

ඇයට පෙර ඒ ධූරය දැරුවේ ද ප්‍රීති පටෙල් නම් ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලනඥවරියයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW