ස්මාර්ට් ක්‍රමවේදය හරහා ගොවියා රටේ පළමු තැනට ගේනවා -සජිත්
By Parami Dissanayake
ත්‍රිකුණාමලයේ සංවිධානය කර තිබූ සක්වළ වැඩසටහන අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, ස්මාර්ට් ක්‍රමයක් තුළින් ගොවියා රටේ අංක එකට ගෙන එන බවයි.
සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ 202 වැනි අදියර හා සම්බන්ධ වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල මහා විද්‍යාලය වෙත මෙම සුහුරු පන්ති කාමරය ලබාදීම සිදු කරනු ලැබිය.
එහිදී , විපක්ෂ නායකවරයා විසින් රුපියල් ලක්ෂ 12 ට ආසන්න සුහුරු පන්ති කාමරයක් ප්‍රදානය කිරීම සිදු කෙරුණා.
තවද, පාසල් සංවර්ධන අරමුදල උදෙසා රුපියල් ලක්ෂයක මුදලක්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල මහා විද්‍යාලය වෙත ප්‍රදානය කළ බව සඳහන් වේ.