මේ වසරේ අල්ලස් කොමිසම උපයා ඇති විශාල ආදායම මෙන්න
මෙම වසර තුළදී අල්ලස් නඩු පැවරීම් මගින් රජය රුපියල් ලක්ෂ 30 කට ආසන්න ආදායමක් උපයාගෙන ඇතැයි අල්ලස් කොමිසම ප්‍රකාශ කර තිබේ.
අල්ලස් කොමිසම පෙන්වාදෙනු ලබන්නේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙහි සහ කොළඹ මහාධිකරණයේ 2025 ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලසීමාවේදී පවරන ලද නඩුවලින් පමණක් රජයට රුපියල් විසිඅටලක්ෂ දහනවදහසක් (2,819,000) ලැබී ඇති බවයි.
තවද එම ආදායම එම අධිකරණ මගින් විත්තිකරුවන්ට එරෙහිව පනවන ලද දඩ මුදල්, වන්දි මුදල් සහ දණ්ඩන මුදල්වලින් රජයට ලැබී තිබෙන බව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර තිබේ, ඒ වගේම මෙම වසරේ නොවැම්බර් මස 30 වැනිදා දක්වා අල්ලස් දූෂණ, අයුතු වත්කම් ඉපයීම්, මුදල් විශුද්ධිකරණ ආදී වරදවල් යටතේ විත්තිකරුවන් 126 දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 95 ක් පවරා තිබෙන බවත් එතුමා සදහන් කර තිබේ.
තවද අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට මහාධිකරණ මහෙස්ත්‍රාත් අධිකරණය සහ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු 287 ක් විභාග වෙමින් පවතින බවයි.