නැන්දත් එක්ක ගිය අවුරුදු 12 දරුවට මොකක්ද මේ වුණේ? රෝහලට යන්නත් කලින්ම මියගිහින්
By Ashfa
ඊයේ දින (15) දහවල් මදුරන්කුලිය පොලිස් වසමේ වීරපුර ගැමුණු වැවේ ගිලී පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රදේශවාසීන් විසින් දරුවාව පුත්තලම රෝහලට ඇතුලත් කළද ඒ වනවිටත් දරුවා මියගොස් සිටිය බවත් වාර්තා වේ.
මියගිය දරුවා තම නැන්දණිය සමග දියනෑමට වීරපුර ගැමුණු වැවට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්වී ඇත.
දරුවා කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වන අතර සිද්ධිය පිළිබදව මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.