සිරිසුමන හිමිගේ පියත් CIDයට - ප්‍රියමාලී හා ජානකීවත් වෙන් කරයි

CID - Sri Lanka Police Sri Lanka
By Sewvandhi Nov 09, 2022 02:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහාපරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ පියාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

එමෙන්ම, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ජානකී සිරිවර්ධන මීගමුව බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා. ඇය එලෙස මීගමුව බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත්තේ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින තිලිණි ප්‍රියමාලි සමග ගැටලු ඇති කර ගැනීමට ඉඩ ඇති බවට සැක පහළ වීම හේතුවෙන්.

ජානකී සිරිවර්ධන මේ වනවිට සාමාන්‍ය අයුරින් රැඳවියන් රඳවා සිටින වාට්ටුවෙහි සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha