බෝරා සමුළුව අද කොළඹදී
බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුවක් 2025.06.25 වන දින සහ 2025.06.27 වන දින සිට 2025.07.05 වන දින දක්වා කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවත ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ සඳහා බෝරා අදහන විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉහත දිනවල උදෑසන 07.00 සිට රාත්‍රී 10.00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට කන්ටේනර් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළු වීම සීමා කිරීමට කටයුතු කරනු ලබයි.
එමෙන්ම 2025.06.27 වන දින සිට 2025.07.05 වන දින දක්වා උදෑසන 07.00 සිට උදෑසන 11.30 දක්වා සහ සවස 03.00 සිට රාත්‍රී 10.00 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වෙනවා.
එම දිනයන් තුළදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළු වීම සීමා කරනු ලබනවා.
බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළු වී මුහුදුබඩ මාර්ගයට ගමනා ගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබයි.
මෙම සිමා කිරීම බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් බලපානු ලබනවා.
