වයඹ පළාත් සභාවේ බොම්බ බියක් - දමිල බසින් විද්‍යුත් ලිපියක් එවලා
අද අලුයම 3.30 ට, වයඹ පළාත් සභා සංකීර්නයට ද්‍රවිඩ භාෂාවෙන් ලියා එවූ විද්‍යුත් තැපෑලක් අනුව, සංකීර්ණයේ බෝම්බයක් පුපුරුවා හැරීමට සැලසුමක් ඇති බව සඳහන් කර තිබේ.
ඒ අනුව එම පණිවිඩයට අනුව විශේෂ කාර්ය බළකාය සමඟ පොලිසිය සහ පොලිස් සුනඛයන් යොදා සංකීර්ණ පරිශ්‍රය පරික්ෂා කරන ලදි.
ලිපියේ සඳහන් වූයේ සයනයිඞ් පිරවූ විෂ බෝම්බයක් ඇති බැවින් පෙ.ව. 11.00 ට පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිළධාරින් සහ සිවිල් පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කරන ලෙසයි.
එමෙන්ම කාර්යාලවල නිළධාරින්ට පිටතට පැමිණ, පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා සහය දැරූ බවද වාර්තා වේ.