මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 35ක් ජිවිතක්ෂයට - 200කට තුවාල..

Pakistan Bomb Blast
By krishani Jul 30, 2023 03:22 PM GMT
krishani

krishani

Report

පාකිස්ථානයේ දේශපාලන රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ පාකිස්ථානයේ බජාවුර් නම් ප්‍රදේශයේ පැවති Jamiat Ulema-e-Islam-Fazl පක්ෂයේ සාමාජිකයින් ඉලක්ක කරගෙන ය.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියගොස් ඇති අතර මේ වන විට 35 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

එයින් 200ක් පමණ තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් කඩිනමින් බජාවුර් නගරයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව එරට බලධාරීන් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ ය.

ReeCha