කරාපිටියේ ප්‍රතිකාර ලබමින් සිටි අයගේ සිරුර රෝහලේ ගේට්ටුව ආ හැටි
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ (කරාපිටිය) ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී අද (20) උදෑසන කාලයේදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
මෙම සිදුවීම රෝහල් පොලිසිය විසින් තහවුරු කර ඇති අතර, මියගිය පුද්ගලයා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බවට තොරතුරු ලැබී ඇත.
ගාල්ල පොලිසිය සහ රෝහල් පොලිසිය විසින් සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත. මළ සිරුර ජාතික රෝහලේම අධිකරණ වෛද්‍ය ඒකකයට යොමු කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය (Post-Mortem) සිදුකිරීමෙන් මරණ හේතුව තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වේ.