අතුරුදන්ව සිටි අනෙක් ධීවරයාගේ සිරුරත් හමුවෙයි

Report

තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි අනෙක් ධීවරයාගේ සිරුරත් මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ.

අඳාළ සිරුර කලමැටිය ධීවර වරායේ අසල මුහුදේ තිබියදී සොයා ගෙන ඇති බව සඳහන්.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

අද (01) දින පස්වරුවේ සිරුර තංගල්ල ධීවර වරායට රැගෙනවිත් තිබුණා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49 තිදරු පියෙක්.

චමින්ද රුවන් ජානක වන ඔහු තංගල්ලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.

ධීවරයින් 6 දෙනෙක් රැගත් “මැක්සිම් පුතා 1 “ නම් අඳාළ යාත්‍රාව ධීවර කටයුතුවලට ගොස් නැවත ගොඩබිමට පැමිණෙමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත.

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

ඒ අනුව මෙම අනතුර සිදුවන විට යාත්‍රාවේ ධීවරයින් 6 දෙනෙක් සිට ඇති අතර ඉන් සිව්දෙනෙක් ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබුණා.

එසේම පහුගිය 29 වන දින ගුවන් හමුදාවේ ද සහයෙන් නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එක් ධීවරයෙක්ගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්