නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

By Zara Apr 11, 2025 02:40 PM GMT
Report

අලුතෙන් උපන් දරුවෙකු සහ මවක් නිවසක් තුළ සැකකටයුතු අයුරින් මිය ගොස් සිටි පුවතක් මාලිගාවත්ත පොලිස් වසමෙන් වාර්තා වනවා.

මාළිගාවත්ත පොලිසිය පැවසුවේ දරුවෙකු ලැබීමට දින හයක් තිබියදී නිවස තුළ වැසිකිළිය ඉදිරිපිට එම දරුවා බිහි කළ මවක් සහ දරුවා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවයි.

අනාවරණය වූ පරිදි මෙලෙස මියගොස් තිබුණේ කොළඹ 10. මාලිගාවත්ත පෙදෙස පදිංචිව සිටි කම්සුල් කාමිල් පාතිමා උමාමා යන දෙදරු මවයි.

මියගිය කාන්තාව නිවස තුළ වැසිකිළියේ ඉදිරිපිට බිම හරහට වැටී සිටියදී මස්සිනා ලබාදුන් පණිවිඩයක් අනුව නිවසට ගොස් සිදුකළ පරික්ෂාවේදී බිරිඳගේ ශරීරයේ හා බිමවිශාල ලේ ප්‍රමාණයක් තිබීඇති බව සැමියා ලබා දුන් ප්‍රකාශයක සඳහන් වන බව පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී මියගිය බිරිඳගේ කුස තුළ සිටි දරුවා දෙපා අසල සිට ඇති අතර පසුව සැමියා විසින් පෙකණි වල නොකපා දරුවාව රෙදි කැබැල්ලකින් ඔතා බිරිඳ සහ දරුවාව ත්‍රිරෝද රථයකින් බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් විතර රැගෙන ගොස් තිබූ බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වනවා.

පොලිසිය පවසන්නේ වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බවට හෙළිව ඇති බවයි.

මෙම මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය සදහන් කරයි .

චීන ඇමරිකා බදු ගැටුම තවත් ඉහළට

චීන ඇමරිකා බදු ගැටුම තවත් ඉහළට

ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වසයි.

ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වසයි.