ගිනස් වාර්තාවටත් ගිය, ලොව වයස්ගතම සුනඛයා Bobi මෙලොවින් සමු ගනී - අසාමාන්‍ය මහලු වියට හේතුවත් හෙළි වෙයි?.. (PHOTOS)

Death
By krishani Oct 24, 2023 06:09 PM GMT
krishani

krishani

Report

ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියන ලොව වයස්ගතම සුනඛයා වන Bobi මියගොස් ඇත.

ඒ අනුව Bibi මිය යන විට වයස අවුරුදු 31යි දින 165ක් විය.

Bobiගේ මරණය මුලින්ම ප්‍රකාශයට පත් කළේ පශු වෛද්‍ය Karen Becker විසින් සත්ත්ව රෝහලක දී ය.

ඔහුගේ හිමිකරු වන Leonel Costa සඳහන් කළේ බොබිගේ අසාමාන්‍ය මහලු වියට බොහෝ රහස් තිබූ බවයි.

Rafeiro do Alentejo යන සුනඛ වර්ගයට අයත් Bobi සෑම විටම පටි හෝ දම්වැලකින් තොරව නිදහසේ සැරිසරා ඇති අතර සන්සුන්, සාමකාමී පරිසරයක Bobi ජීවත් විය.

සාමාන්‍යයෙන් Rafeiro do Alentejosගේ ආයු කාලය වන්නේ අවුරුදු 12-14 පමණක් වේ.

කුළුබඩු යොදා පිසින ලද මිනිසුන් ආහාරයට ගන්නා දේ පමණක් බොබී ආහාරයට ගෙන තිබෙනවා.

Bobi මුළු ජීවිතයම ගත කර ඇත්තේ ලිස්බන් අගනුවරට උතුරින් කිලෝමීටර් 150ක් පමණ ඔබ්බෙන් වූ කුඩා පෘතුගීසි ගම්මානයක් වන Conqueiros ගම්මානයේ සිටින ඉබාගාතේ යන බළලුන් සහ සුනඛයින් සමගයි.

කෙසේ වෙතත් Bobi සාමාන්‍ය ආයු කාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ජිවත් වී ඇත.

GalleryGalleryGalleryGallery
ReeCha