100කට අධික පිරිසකට දිවි අහිමි කළ විවාහ උත්සවය (විදෙස්)

By Sewvandhi Jun 15, 2023 02:21 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නිරිතදිග නයිජීරියාවේ නයිජර් ගඟාවේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයින් 106 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම තවත් 150කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර 144 ක් පමණ බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මගීන් 300ක් පමණ රැගත් යාත්‍රාවක් වන අතර ක්වාරා ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තය දක්වා මංගල උත්සවයට සහභාගී වී පැමිණෙමින් සිටි පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරන අතර යාත්‍රාවේ කොටසක් කඩා වැටීමෙන් පසු බෝට්ටුව පෙරළී ගොස් ඇති බවයි, ක්වාරා ප්‍රාන්ත පොලිසිය පැවසුවේ.