ප්‍රධාන මාර්ග කිහිපයකදීම බස් රථ වලට කළුතෙල් ප්‍රහාර..(VIDEO)

colombo private bus Galle road Black oil
By Sewvandhi Jan 10, 2022 10:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මගී ප්‍රවාහන දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ කිහිපයකට ගාලු පාරේදී කළු තෙල් ප්‍රහාර එල්ල වී තිබේ. වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ මතුගම-කොළඹ , කළුතර-කොළඹ, අළුත්ගම-කොළඹ සහ අම්බලන්ගොඩ-කොළඹ අතර ධාවනය වන පෞද්ගලික මගී බස් රථ ඉලක්ක කර මෙම කළුතෙල් ප්‍රහාර එල්ල වී ඇති බවටය.

මෙලෙස කළුතෙල් ප්‍රහාරයක් එල්ලවන අවස්ථාවක් බස් රථයක සවිකර තිබූ CCTV කැමරාවක පටිගත ව තිබේ. සංවිධානාත්මක කල්ලියක් විසින් දුර ගමන් සේවා සාමාන්‍ය ගාස්තු යටතේ ධාවනය වන පෞද්ගලික මගී බස් ප්‍රවාහන රථ ඉලක්කර කර මෙම ප්‍රහාර එල්ලකර තිබේ.

කෙසේ වෙතත් දෙහිවල පොලිසිය විසින් මෙම කළුතෙල් ප්‍රහාර එල්ල කිරීම සිද්ධියට සම්බන්ධ කල්ලිය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now