"ෆෙරාරිය" දැන් සෑම තැනකම හැප්පෙනවා -රජයේ සල්ලි වලින් රනිල් එංගලන්ත ගිහින්ලු!

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයකට රජයේ මුදල් රුපියල් ලක්ෂ 162ක් වැය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙය සම්පූර්ණයෙන්ම අපරාධමය වැරැද්දක් බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එන අසේල සම්පත්!

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එන අසේල සම්පත්!

එම සංචාරය නිල සංචාරයක් ලෙස හඳුන්වා දී තවත් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ බවට ද තොරතුරු වාර්තා වී ඇතැයි බිමල් මහතා සඳහන් කළේය.

 මෙම සංචාරය 2023 සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල සිදු වූ අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් සැප්තැම්බර් 12 වැනිදා නිදහස් කර ඇතැයි බිමල් රත්නායක අමාත්‍යවරයා හෙළි කළේය.

බුකිය රත්කළ මෝටර් රථ අනතුර සිද්ධියේ දෙපාර්ශවය සමතයකට!

බුකිය රත්කළ මෝටර් රථ අනතුර සිද්ධියේ දෙපාර්ශවය සමතයකට!

සංචාරයට දස දෙනකු සහභාගී වූ බවත්, රනිල් වික්‍රමසිංහගේ "ෆෙරාරිය" දැන් සෑම තැනකම හැප්පෙන්නට පටන් ගෙන ඇතැයි ත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.