කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එන අසේල සම්පත්!
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා තරඟ කිරීමට, බත්තරමුල්ලේ සීලරතන හිමිගේ නායකත්වයෙන් යුතු ජන සේත පෙරමුණ සමඟ එක් වී ඇත.
ඔහු ඊයේ (16) කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ට්‍රැක්ටර් ලකුණ යටතේ තරඟ කිරීම සඳහා නාමයෝජනා අත්සන් කළේය.
නාමයෝජනා අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අසේල සම්පත් මහතා, කොළඹ ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ, කොළඹ නගරය ‘Clean’ කිරීම සඳහා ට්‍රැක්ටර් ලකුණට සහයෝගය ලබා දෙන ලෙසයි.