උදේ අර පටියක් බැඳන් හිටියා සෙට් එකක් ඒක අපිත් බඳින්න ඕන එකක්ද?.. දැන් ගලවලා තියෙන්නේ ඇයි? - කළු පටි බැඳන් ආපු විපක්ෂේ රෙදි සභා නායක ගලවයි [VIDEO]
අද(08) දින පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා විසින් පාර්ලිමේන්තුවේ දී 'පොල් ලෙලි, පාපිසි' යැයි කළ ප්‍රකාශයට පිළිතුරු ලබා අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දක්වා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ ජවිපෙ විපක්ෂයේ සිටින සමයේ කිසිම අවස්ථාවක මැති ඇමතිවරුන්ගේ උපාධි, හැසිරීම් දෙස බලා ඔවුන් හෑල්ලු කර නොමැති බවයි.
ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ,
"මහන්තත්තකම ගැන උඩගුකම ගැන උද්දච්චකම ගැන කතා කරා. එතුමා කියනවා මේ රටේ මහජනතාව පත් කරපු මන්ත්‍රීවරුන්ට පාපිසි සහ පොල් ලෙලි කියලා. එතකොට මෙයාලා අරාබි නිසොල්ලාසයේ ගෝල්ඩන් කාපට්ද?.. පිස්සො කලබල වුණාට අපි කලබල වෙන්නේ නෑ. කවුරු කිව්වා වුණත් මම නම්, මම 2000 මේ පාර්ලිමේන්තුවට ආවේ එදා ඉඳලා මම නම් මේ ඡන්දෙන් එන ඕනම මන්ත්‍රී කෙනෙකුට ගරු කරනවා.. දැන් උදේ අර පටියක් බැඳන් හිටියා සෙට් එකක්. අපි අහන්න කැමතියි අපිත් බඳින්න ඕන එකක්ද ඒක. නැත්තම් කෘත්‍යාධිකාරි මණ්ඩලේ කට්ටිය හිරේ ඉන්න නිසා වෙච්ච දෙයක්ද? නැත්තම් දැන් ගලවලා තියෙන්නේ ඇයි? කවුද මේ.. අපි විපක්ෂේ ඉඳලා තියෙනවා. අපි මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා එක්ක වැඩ කරලා තියෙනවා අපි කවදාවත් මන්ත්‍රීවරයෙක්ගේ අගමැතිවරයෙක්ගේ උපාධි දිහා බලලා හැසිරීම් දිහා බලල එයාලා මෙතන හෑල්ලු කරලා නැහැ. මේ මනෝ රෝගයක් තියෙන්නේ ඔබතුමා ඩොක්ටර් කෙනෙක් නිසා කරුණාකරලා ක්ලිනික් එකක් දාන්න මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න පව් මේ ගොල්ලෝ"