දොර අගුලෙන් වෙඩි තියලා දැන් අහද්දී කියනවා නැතුව බන කියන්නද කියලා හොද වෙලාව ජේවීපී ඒ පැත්තේ නැත්තම් කුඩු වෙන්න ගහන්නේ - ජායාරූප පෙන්න පෙන්න මරික්කාර් මාලිමාවේ සායම යවයි [VIDEO]

Report

අද (08) දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්තාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් විසින් මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිලිබදවත් මෙම සිදුවීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවටත් ප්‍රකාශ කර ඇත.

එහී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

"දිනපතා උදෙන්ම පාර්ලිමේන්තු එන කෙනෙක් අපේ අධිකරණ ඇමතිතුමා. අද පැත්ත පලාතෙ නෑ. පලවෙනි දවසේ රෑ දෙන්නෙක් මැරෙනකොට එතන අපරාධයක් වුණ තැනක්.එතන මිනිස්සු 2400ක් ඉන්නවා.ඒ මොහොතේ ඒක කලමණාකාරනය කරන්න ඕනේ.හැමෝම ගැටුමට සම්බ්න්ධයෙන් නෑ.ඒකට සම්බ්න්ධ අයව වෙනම අයින් කරලා තියන්නා තිබ්බා.ඇහුවම ඇමති කියනවා මම සමාජ මාධ්‍ය පැය 3,4කින් බැලුවේ නෑ කියලා.මොන උත්තරද? හරි පලවෙනි දවස අයින් කරමුකෝ දෙවෙන් දවසේ වුණ හැම මරණයකටම ආණ්ඩුව වග කියන්න ඕනේ.එයා කියනවා විපක්ශ නායක අයින් වෙන්න ඕනේලු ජනාධිපතිවරණ් පැරදුණු නිසා.එහෙනම් අනුර කුමාර අයින් වෙන්න ඕනේ දහවතාවක් විතර.හැමදාම 3% ගත්තු එකට.මෙතන ඉන්න ගොඩක් අය මහමැතිවරණයෙන් පස්සෙ අයින් වෙන්න ඕනේ.හොද වෙලාව ජේවීපී එකේ කට්ටිය මේ පැත්තෙ නැත්තෙ.හර්ෂන නානායක්කාර මැතිතුමා මාලිමාවේ.කුඩුවෙන්න ගහන්නේ නැද්ද?

ජනාධිපතිතුමාමනේ ඒ දවස් වල කිව්වේ ආණ්ඩුව වගකියන්න ඕනේ අයින් වෙන්න ඕනේ කියලා.අපි කියපුවා නෙමේ ඒගොල්ලෝ කිව්වේ. දැන් බලන්න අර දොර අගුලු වලින් තුවක්කු දාලා වෙඩි තිබ්බම සමාජ ජාලයේ කැම්පේන් එකක් කරනවා බණ කියන්නද අහලා. මම පෙන්නනම් ජායාරූපයක් මෙන්න.අගමැතිතුමියයි පෝල්රාජ් තුමියයි අරගලය කරනවා සිරකරුවන් ඇතුලු සියලු ජනතාවගේ ජීවත් වීමේ මානව අයිතිය සුරකින්න.එතකොට ඒ දවස් වල කියපුවා දැන් වලංගු නැද්ද? මේ තවත් ජායාරූපයක්. මේකේ ඉන්නේ කොලඹ දැන් ඉන්න නගරාධිපතිතුමා.එතුමිය ප්‍රොටෙස්ට් එකක් දානවා ඉල්ලුවේ බෙහෙත් දුන්නේ බුලට් කියලා කෝ? අපි මේවා කිව්වේ නෑ.මේවා ඔයාලම කිව්ව ඒවා අපි අහන්නේ.ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට උද්දච්චකම අත ඇරලා මහන්තත්තකම අත ඇරලා ඒ ඒ ක්ශේත්‍ර්‍ර වල අයට ඇහුම්කන් දීලා වැඩ කරන්න" ලෙසයි.