ලංකාවේ ලොකුම මුල්‍ය ජාවාරම මාට්ටු - කෝටි ගාණක මුදල් සමඟ සැකකරු අත්අඩංගුවට

Report

කොළඹ පදිංචි පුද්ගලයෙකු රුපියල් බිලියන ගණනක මුදල් සංසරණය සිදු කරමින් රහසිගත බැංකු ගිණුම් පවත්වාගෙන ගිය බව මධ්‍යම අපරාධ කාර්යාංශය අනාවරණය කර ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කළේ, සැකකරුගේ එක් ගිණුමක පමණක් රුපියල් කෝටි දහසකට අධික මුදලක් තිබෙන අතර තවත් ගිණුම් කීපයක කෝටි පන්සියය, හයසියය සහ අටසියය බැගින් විශාල මුදල් තැන්පත් කර තිබූ බවයි.

ශ්‍රී ලංකාව තුළ මෙතරම් විශාල මූල්‍ය වංචාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව පොලිසිය අවධාරණය කරයි. උප පොලිස් පරීක්ෂක ඉන්දික මිලාන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ උපදෙස් යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙට්‍රල් හා ඩීසල් මිල අඩු වීමේ ලකුණු - සෞදියෙන් කොළ එළියක්

පෙට්‍රල් හා ඩීසල් මිල අඩු වීමේ ලකුණු - සෞදියෙන් කොළ එළියක්

වැඩිදුර පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් සිදු කෙරෙයි.

පොලීසිය පෙන්වා දක්වන ආකාරය අනුව, සැකකරු සෑම මාස තුනකට වරක්ම සිය බැංකු ගිණුම් සූක්ෂම ලෙස වෙනස් කරමින් අලුත් ගිණුම් ආරම්භ කරමින් තිබේ.

එමඟින්, විදේශීය තැරැව්කරුවන් සමඟ සම්බන්ධව මෙම කෝටි සංඛ්‍යාත මුදල් හුවමාරු කරමින් ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය ජාවාරමක නිරත වූවාදැයි සැක පල කෙරේ.

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි