අනියම් සම්බන්ධතා 3ක් තිබ්බා ඒවා බිරිඳට කියන්න බය වුණ නිසා එප්ස්ටයින් මාව බ්ලැක්මේල් කළා - ප්‍රකට බිලියනපති බිල්ගේට්ස්ගෙන් පාපොච්චාරණයක්
ප්‍රකට බිලියනපති මෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්, තමන් විවාහ වී සිටි කාලසීමාව තුළ රුසියානු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු සමඟ පැවැත්වූ විවාහයෙන් බාහිර සබඳතා පිළිබඳව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව හමුවේ දීර්ඝ ලෙස කරුණු හෙළි කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2026 ජූනි මස මුලදී පැවැති මෙම කමිටු ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම පාපොච්චාරණය සිදු කර ඇති බව සඳහන්. මේ අතර මීට පෙර 2026 පෙබරවාරි මාසයේදී ගේට්ස් පදනමේ අභ්‍යන්තර හමුවකදී ද ඔහු මේ බව මුල්වරට පිළිගෙන තිබුණු බව වාර්තා විය.
කෙසේ වෙතත් මෙම නවතම අනාවරණයන් සිදුවන්නේ අභාවප්‍රාප්ත ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ බිල් ගේට්ස් පැවැත්වූ අතීත සබඳතා සම්බන්ධයෙන් යළිත් වරක් දැඩි සමාජ කථිකාවක් මතු ව ඇති තත්ත්වයක වීම විශේෂ වේ.
කෙසේ වෙතත් ප්‍රසිද්ධියට පත් කෙරුණු කමිටු සාක්ෂි සටහන්වලට අනුව, බිල් ගේට්ස් විසින් තමන් සබඳතා පැවැත්වූ කාන්තාවන්ගේ අනන්‍යතාවන් පැහැදිලිව අනාවරණය කර තිබෙනවා.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
ඉන් එක් අයෙකු 2010 වසරේදී පමණ බ්‍රිජ් ක්‍රීඩා ඉසව්වලදී මුණගැසුණු මිලා ඇන්ටනෝවා නමැති රුසියානු බ්‍රිජ් ක්‍රීඩිකාව වන අතර අනෙක් කාන්තාව වන්නේ ව්‍යාපාරික සහ විද්‍යාත්මක කටයුතු අතරතුර මුණගැසුණු, එම්.අයි.ටී. පසුබිමක් සහිත කරීමා නිග්මතුලිනා (Karima Nigmatulina) නම් රුසියානු න්‍යෂ්ටික භෞතික විද්‍යාඥවරියක්.
එමෙන්ම මීට අමතරව, හාවඩ් විශ්වවිද්‍යාලයෙන් පුහුණුව ලැබූ වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායිකාවක වන ඩොක්ටර් ඇලිස් ජේකොබ්ස් නෙසල්රොඩ් සමඟ ද තමන් තෙවැනි සබඳතාවක් පැවැත්වූ බවට බිල්ගේට්ස් එහිදී කරුණු තහවුරු කර ඇති බව සඳහන්.
ඒ අනුව සමස්තයක් වශයෙන්, ඔහුට විවාහයෙන් පිටත සම්බන්ධතා තුනක් ඇති බව ඔහු පවසා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම විවාහයෙන් බාහිර සබඳතා පවත්වන සමයේ බිල් ගේට්ස්, මෙලින්ඩා ෆ්‍රෙන්ච් ගේට්ස් (Melinda French Gates) සමඟ විවාහ වී සිටි අතර ඔවුන් දෙදෙනා 2021 වසරේදී දික්කසාද වී ඇත.
මෙම සබඳතා පිළිබඳව මෙලින්ඩා දැනුවත් කිරීම තමන්ට දැඩි සිත් තැවුලක් ගෙන දුන් කරුණක් වූ බව කියන බිල්ගේට්ස්, තමන් කළ වැරදි සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ කාර්ය මණ්ඩලයෙන් ද සමාව අයැද ඇති බව වාර්තා වේ.
මේ අතර මෙලින්ඩා ගේට්ස් ද මීට පෙර පවසා තිබුණේ මෙම සිදුවීම් තම විවාහ ජීවිතයේ අතිශය වේදනාකාරී කාලපරිච්ඡේදයක් වූ බවයි. ඊට අමතරව, 2019 වසරේදී මයික්‍රොසොෆ්ට් සේවිකාවක සමඟ පැවැත්වූ සබඳතාවක් පිළිබඳව ද ගේට්ස් මීට පෙර පිළිගෙන තිබුණු බව සඳහන්. කෙසේ වෙතත් මෙම සිදුවීමේ වඩාත්ම ආන්දෝලනාත්මක පැතිකඩ වන්නේ ජෙෆ්රි එප්ස්ටයින් විසින් බිල් ගේට්ස්ව බ්ලැක්මේල් කිරීමට හෝ බලපෑම් කිරීමට මෙම රහස් තොරතුරු රැකගෙන සිටීම බව සඳහන්.
ඒ අනුව එප්ස්ටයින්, බිල්ගේට්ස්ගේ විද්‍යා උපදේශකයෙකු වූ බොරිස් නිකොලිච් මාර්ගයෙන් මෙම සබඳතා පිළිබඳව දැනගෙන ඇති අතර 2017 වසරේදී එප්ස්ටයින් විසින් බිල් ගේට්ස් වෙත ඊමේල් පණිවුඩයක් එවමින්, තමන් විසින් මිලා ඇන්ටනෝවාගේ පරිගණක කේතකරණ පාසල් ගාස්තු සඳහා වියදම් කළ මුදල් ප්‍රතිපූරණය කරන ලෙස ඉල්ලා ඇති බව කියයි.
එහෙත් එප්ස්ටයින්ගේ පරාත්‍යාගී ව්‍යාපෘති සඳහා වැඩි ලෙස දායක වීමට බිල්ගේට්ස් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙම සබඳතා, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) සහ වෙනත් අසත්‍ය කරුණු ඇතුළත් කරමින් බිල් ගේට්ස්ට බලපෑම් සහගත ඊමේල් පණිවුඩ කෙටුම්පත් කිරීමට එප්ස්ටයින් කටයුතු කර තිබූ බව හෙළි වූ බව සඳහන්.
එසේම කොන්ග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙමින් බිල් ගේට්ස් අවධාරණය කර ඇත්තේ මෙම සබඳතා කිසිවක් එප්ස්ටයින්ගේ ලිංගික අපරාධවලට ගොදුරු වූවන් සමඟ සම්බන්ධ නොමැති බවයි. "මම කිසිදු නීතිවිරෝධී දෙයක් කළේ නැහැ, එවැනි දෙයක් දුටුවෙත් නැහැ" යනුවෙන් කියන ඔහු, එප්ස්ටයින් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ දුර්වලතා උපයෝගී කරගනිමින් තමන්ට බලපෑම් කිරීමට උත්සාහ කළ බව පිළි ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අරමුදල් රැස්කිරීමේ අරමුණින් එප්ස්ටයින් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහ ඇතුළු අවස්ථා 12කදී පමණ මුණගැසුණු බවත්, එය තම ජීවිතයේ සිදු වූ "බරපතළ වැරදීමක්" බවත් බිල්ගේට්ස් යළිත් සඳහන් කර ඇත.
2026 ජනවාරි මස අධිකරණ දෙපාර්තමේන්තු ලේඛන ඔස්සේ එප්ස්ටයින්ගේ ලිපිගොනු ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මෙම තොරතුරු වඩාත් තහවුරු වී ඇති බව සඳහන්.
එමෙන්ම කරීමා නිග්මතුලිනා ගේට්ස් පදනමේ අරමුදල් ලබන වසංගත රෝග ආදර්ශන ව්‍යාපෘතිවලට සම්බන්ධ වී සිට ඇති අතර, මිලා ඇන්ටනෝවා ද තමන් එප්ස්ටයින්ගෙන් උපකාර ලැබුවද ඔහුගේ අපරාධවලට සම්බන්ධ නොමැති බව සඳහන් කර තිබෙනවා.
එසේම බිල් ගේට්ස්ට එරෙහිව කිසිදු සාපරාධී චෝදනාවක් එල්ල වී නොමැති වුවද, ඔහුගේ මයික්‍රොසොෆ්ට් උරුමය සහ බිලියන ගණනක ගෝලීය සෞඛ්‍ය පරාත්‍යාගී මෙහෙවර පසෙකලා, මෙම පෞද්ගලික ජීවිතයේ කැළැල් සහ එප්ස්ටයින් ගොනුවල විනිවිදභාවය පිළිබඳව ලෝක මාධ්‍ය දැඩි අවධානයට ලක්ව ඇත.
