මං නොමැරුනොත් එන්නම් යාලුවනේ.. කියා ගිය ඇය යළි කිසිදින නොඑන්නම ගිහින් - රුහුණ සරසවියම කම්පා කළ මරණය [PHOTO]

Report

මේ දිනවල ලංකාවම පුරාම ඇහෙන්න ලැබෙන ඩෙංගු රෝගය දිනෙන් දින වැළදුණු පුද්ගලයන් වැඩි වෙනවා වගේම මරණ සංඛ්‍යාවත් ටිකෙන් ටික වැඩි වෙනවා කියලා අපිට නිතර දෙවේලේ ඇහෙන්න ලැබෙනවානේ.

ඒ අතරේ ඩෙංගු නිසා ජීවිතයෙන් සමුගත් තරුණියක් පිළිබඳ සංවේදී පුවතක් වාර්තා වුණා. ඇය රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 වන ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි සඳලි තාරිකායි.

ඇගේ මෙම හදිසි මරණය හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සමස්ත සරසවි ප්‍රජාව දැඩි කම්පනයට පත්ව සිටිනවා. එසේම ඇය අවසාන වරට මිතුරන්ට තැබූ සටහනක් නිසා ඇගේ වියෝව තව තවත් සංවේදී මතකයක් බවට පත්ව තිබෙනවා.

තලපති විජේ සුපිරි නිළියක් හා ප්‍රේම සම්බන්ධයක්ද? තලපති විජේ නිලි ත්‍රිෂා එක්ක උපන්දිනය සමරයි

තලපති විජේ සුපිරි නිළියක් හා ප්‍රේම සම්බන්ධයක්ද? තලපති විජේ නිලි ත්‍රිෂා එක්ක උපන්දිනය සමරයි

ඒ ඇය ඩෙංගු වැළඳීම නිසා සිය නැටුම් කණ්ඩායමට තම අසනීපය ගැන දන්වමින් යැවූ පණිවිඩයක 'මං නොමැරුනොත් එන්නම් යාලුවනේ' ලෙස තැබූ සංවේදී සටහනක් නිසයි.

කෙසේ වෙතත් ඇගේ මෙම අවාසනාවන්ත නික්මයාම මෙරට නැවත වරක් හිස ඔසවමින් පවතින ඩෙංගු වසංගතයේ බියකරු ස්වභාවය පෙන්නුම් කරයි.

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 37,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඇතැම් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50,000 සීමාව පවා ඉක්මවා ගොස් ඇති බවයි.

එවැනි පසුබිමක ඔබේම ආදරණීයන් රැක ගැනීමට ඇති එකම මාර්ගය සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුව ක්‍රියා කරමින් ඩෙංගු රෝගය පාලනය කර ගැනීමයි.

එනිසා ඔබේ වගකීම හරියටම ඉටු කිරීමෙන් තවත් අවාසනාවන්ත මරණයක් වීම වළක්වා ගත හැකි බව සිහි තබා ගන්න.   

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

අද්විතීය වාර්තාවකින් FIFA හෙල්ලෙයි - ලොව පුරා රසිකයින්ගේ ඔල්වරසන් මැද සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේන් ලෝක වාර්තාවක්

අද්විතීය වාර්තාවකින් FIFA හෙල්ලෙයි - ලොව පුරා රසිකයින්ගේ ඔල්වරසන් මැද සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේන් ලෝක වාර්තාවක්

Gallery