රට පුරා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක්..

Ministry of Education Southern Province Sabaragamuwa Province Sri Lankan Schools Education
By Aruna Jun 06, 2024 01:41 AM GMT
Aruna

Aruna

Report

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද(06) සිට යළි විවෘත කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඊයේ දිනයේ ප්‍රකාශ කළේ ය.

එසේම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා ඇති බවයි.

අද සිට රට පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..

අද සිට රට පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර අධ්‍යාපන කලාපයේ කොට්ඨාස කිහිපයකට අද දිනයේ පාසල් නොපැවැත්වෙන බව අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඊයේ දිනයේ නිවේදනය කළා.

එහි ලේකම් බී ඒ සී පී බමුණුආරච්චි මහතා පැවසුවේ, රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර, කුරුවිට සහ ඇහැළියගොඩ කොට්ඨාසවලට අයත් සියලුම පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපය තුළ ඇලපාත සහ අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් අද දිනයේ වසා තැබෙන බවයි.

17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..

17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..


එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අදින් පසු ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම පිළිබඳ තීරණයක් ගන්නා බවයි.