හැමදාම බොන වතුර ගැන ඔයා මොනාද දන්නෙ? මේ ගැන දන්නවනම් කවුරුවත්ම අඩුවෙන් වතුර බොන එකක් නෑ...

Healthy Food Recipes Water Latest Headlines
By Sewvandhi Jan 13, 2025 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ ජීවිතේ තියෙන්න වතුර අත්‍යවශ්‍යයි කියන එක ඔයා දන්නවනේ. අපේ ඇඟේ බරෙන් 60%ක් විතර හැදිලා තියෙන්නේ වතුර වලින්.

ඒ වගේම කෑම දිරවීමේ ඉඳන්, ලේ ගමනාගමනය, ඇඟේ උෂ්ණත්වය පාලනය වෙන එක, ඇඟේ තියෙන විෂ දේවල් එළියට දාන එක, මේ හැමදේටම වතුර අවශ්‍ය වෙනවා.

මේ නිසාම වතුර බොන එක ඉතාම වැදගත් වෙනවා. නමුත් බොහෝ අය තමන්ගේ ඇඟට අවශ්‍ය තරම් වතුර බොන්නේ නෑ.

ඇඟට ඕන තරම් වතුර නැති උනාම, ඒ කියන්නේ විජලනය උනාම, මහන්සිය, ඔළුවේ කැක්කුම වගේ පොඩි පොඩි ප්‍රශ්න වල ඉඳන්, වකුගඩු වල ගල් හැදෙන එක, ලොකු රස්නේ නිසා හැදෙන ලෙඩ (හීට් ස්ට්‍රෝක්) වගේ ලොකු ලෙඩ දක්වා හැදෙන්න පුළුවන්.

සිංහලයෝ අඩපණ කරන්න ලන්දේසි වවපු දෙල්..එක එක ක්‍රමයට දෙල් කෑවට මේ ගැන දැනන් හිටියද..

සිංහලයෝ අඩපණ කරන්න ලන්දේසි වවපු දෙල්..එක එක ක්‍රමයට දෙල් කෑවට මේ ගැන දැනන් හිටියද..

ඉතින්, ඔයා දවසකට වතුර කොච්චර බොන්න ඕනෙද? ඒකට උත්තරේ ඔයාගේ වයස, බර, කොච්චර ක්‍රියාශීලී ද, ඔයා ඉන්න පළාතේ රස්නෙ කොහොමද වගේ දේවල් අනුව වෙනස් වෙනවා.

අපි බලමු ඔයාට හරියටම ඕන කරන වතුර ප්‍රමාණය හොයාගන්නේ කොහොමද කියලා.

ඔයාට දවසකට වතුර කොච්චර ඕනෙද? ඔයා දවසකට මෙච්චරයි වතුර බොන්න ඕනේ කියලා හැමෝටම පොදු උත්තරයක් නෑ. බොන්න ඕන කරන වතුර ප්‍රමාණය මේ දේවල් අනුව වෙනස් වෙනවා:

  • බර: ඇඟ ලොකු කෙනෙක්ට, කෙට්ටු කෙනෙකුට වඩා වතුර ඕනේ.
  • වයස: පොඩි ළමයින්ටයි, වයසක අයටයි තියෙන වතුර අවශ්‍යතාවය වෙනස්.
  • ක්‍රියාකාරී මට්ටම: හැමදාම ව්‍යායාම කරන අයට වතුර වැඩියෙන් ඕනේ.
  • දේශගුණය: රස්නේ පළාත්වල ඉන්න අයට වතුර වැඩියෙන් ඕනේ.

…………………………………………………………………………………………………

You may like this video 👇



ReeCha