බැසිල් රාජපක්ෂ හදිසියේම රටින් පිටව යයි..

Report

හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා අද (07) අලුයම විදෙස්ගත වී ඇති බව වාර්තා වනවා.

ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ අද (07) අලුයම 3.30ට පමණ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය ඔස්සේ ඔහු ගුවන්තොටුපල තුළට පැමිණි බවයි.

රාජපක්ෂ මහතා මෙසේ ඩුබායි බලා පිටත්ව ගියේ, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයෙන්.

ඩුබායි සිට ඇමරිකාව දක්වා හිටපු ඇමතිවරයා ගමන් කරනු ඇතැයි තොරතුරු වාර්තා වෙමින් පවතී.

බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම විදෙස් සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now