‘අස්වැසුම’ දිනේ බාර් ආදායම ගොඩ - බාර් හිමියන් සතුටින් - රජයම කියයි

Report

රජය විසින් දුප්පත් පවුල්වලට ලබා දෙන 'අස්වැසුම' සමාජ ආරක්ෂණ සහනාධාර මුදල් ඇතැම් පිරිසක් මත්පැන් පානය සඳහා යොදවා ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා අනාවරණය කළේය.

විශේෂයෙන් දුරබැහැර ගම්මානවල මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන අතර, අස්වැසුම වාරික ගෙවන දිනවල මත්පැන් අලෙවිසැල්වල ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ යන බව වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.

ලිට්‍රෝ, ලාෆ් ගෑස් ගැන ඇමති වසන්තගෙන් හදිසි දැනුම්දීමක්

ලිට්‍රෝ, ලාෆ් ගෑස් ගැන ඇමති වසන්තගෙන් හදිසි දැනුම්දීමක්

මෙරට දුප්පත්කම පිටුදැකීම සඳහා ආර්ථික සහනාධාර පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ අතරම ගුණාත්මක සමාජ සංවර්ධනයක් හා සදාචාරාත්මක ගුණාංග ඇති කිරීම ද අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

මෙම අනිසි මුදල් භාවිතය වළක්වා ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට ආගමික නායකයන්, බුද්ධිමතුන්, සමාජ සේවකයන් හා සමස්ත සමාජයම සක්‍රීයව දායක විය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලිංගික අධ්‍යාපනයලු.. මොන කෙහෙල්මලක්ද මේ ලිංගික අධ්‍යාපනය - කොටපිටියේ රාහුල හිමි

ලිංගික අධ්‍යාපනයලු.. මොන කෙහෙල්මලක්ද මේ ලිංගික අධ්‍යාපනය - කොටපිටියේ රාහුල හිමි

අස්වැසුම වැඩසටහන යටතේ ලබා දෙන මුදල් නිසි ආකාරයෙන් භාවිතා කිරීම මගින් පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකි වන බවත්, මෙය සමාජයේ සමස්ත සංවර්ධනයට ද බලපාන බවත් රජයේ නිලධාරීන් අවධාරණය කර තිබේ.